සධාතුක කරඩුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කෙරේ

සධාතුක කරඩුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ සිරිපා මලුව බලා වැඩම කිරීමේ පිංකම අද (28) පෙරවරුවේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරථානයේ දී සිදුවිය. ගල්පොත්තාවෙල රජමහ විහාරයේ සිට ශ්‍රි පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, බලංගොඩ බගවන්තලාව මාර්ගය සහ රත්නපුර කුරුවිට මාර්ගය ඔස්සේ එම පෙරහර හතර ගමන් කරනු ලැබේ.

එසේ ගමන් කරන පෙරහැර හෙට (29) දින පෙරවරුවේ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ. ශ්‍රී පාද සමය 2021 වෙසක් පොහොය දි‍නෙන් අවසන් වේ.

මෙවර ශ්‍රී පාද සමය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද වේ. පවතින කොවිඩ් වෛරස් තත්වය මත ශ්‍රි පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලියාපදිංචි සහතිකයක් රැගෙන පැමිණීමද සෞඛ්‍ය අංශ විසින් අනිවාර්ය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *