සත්ත්ව නිෂ්පාදන – සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පත් කරයි

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය කේ. ඒ. සී. එච්. ඒ. කොතලාවල මහත්මිය 2026-02-04 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර, 2025-11-04 දින සිට 2026-02-03 දින දක්වා ඒ මහත්මියට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ආචාර්ය කේ. ඒ. සී. එච්. ඒ. කොතලාවල මහත්මිය විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගනු ලබන කාල සීමාව තුළදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා දැනට බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කරනු ලබන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කහඳ කන්තගේ සරත් මහතා පත් කිරීමටත්, ඉන් අනතුරුව 2026-02-04 දින සිට ඒ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ස්ථීර පදනමින් පත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *