සජිත් ප්‍රේමදාස බිම්මට්ටම ජයගෙන අවසන්..........

සජිත් ප්‍රේමදාස බිම්මට්ටම ජයගෙන අවසන්…

ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග ඔස්සේ වෘත්තීයවේදීන් ආදී සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ආමන්ත්‍රණය කළ ද බිම් මට්ටමේදි මිනිසුන් අතර වඩාත් පැහැදීම ඇතිවන ලෙස තම ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව මධ්‍යස්ථව කරුණු විශ්ලේෂණය කිරීමේදී තේරුම්ගත හැකිය.

නූගතුන්ට ද චන්ද බලය හිමි යි..

උගත් පිරිස් බොහෝ විට පවසන්නේ ‘ඔව් ඉතින් නූගත් වුනහම ඕනෙ කෙනෙක්ට රවට්ටන්න  පුළුවන්’ ලෙසය. එනමුත් උගත් වුවද නූගත් වුවද ඒ සියලු දෙනා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන ජනරජයේ නව ජනාධිපතිවරයා තේරීම පිණිස පරමාධිපත්‍ය බලය නොහොත් ඡන්ද බලය හිමි පුද්ගලයන්ය.

තව ද ශ්‍රී ලංකාවේ අවුරුදු හතළිස් 45 ට වඩා වැඩි පිරිස් සමාජ ජාල භාවිතා කරන්නේ ඉතා සුළු වශයෙනි. එම නිසා සමාජ ජාල ඡන්ද විමසීම් වල ගෝඨාභය රාජපක්ෂ මහත්මාට දැවැන්ත ජයක් පැවතීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උදම් නොවිය යුතුයි.

මුස්ලිම් දෙමළ චන්දත් සජිත් ට

ඒ වගේම සිංහල භාෂාව පමණක් කතා කරන පිරිස අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසු වුවද දෙමළ භාෂාව කථා කරන පිරිස් අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ප්‍රසාදයක් ඇත්තේ ම නැති තරම් ය

විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් වැඩිපුර තොරතුරු ගනු ගනුදෙනු කරන දෙමළ භාෂා ෆේස්බුක් පිටුවල ගෝඨාභය මහතාගේ කිසිදු ගුණයක් සාකච්ඡාවට බඳුන් නොවූන මුත් කෙළවරක් නැති දොස් අවලාද වැරදි කතාබහවනු දක්නට ලැබේ.

2018 චන්ද ප්‍රථිපලය ගැන අධිතක්සේරුව

අනෙක් අතට දේශපාලන වේදිකාවලදී ද පොදු ජන පෙරමුණේ දේශපාලන නායකයින් අධි තක්සේරුවකින් කටයුතු කරන බව සහ 2018 පැවති ජනමත විමසුම් චන්ද ප්‍රතිඵලයම මෙවර ද ලැබෙනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවද දක්නට ලැබේ.

එනමුත් බොහෝ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නායකත්වයට අකමැත්තෙන් පසුවන ගමේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් මෙවර දැඩි උද්‍යෝගයකින් සජිත් ප්‍රේමදාස මහතාට සහය වනු දක්නට ලැබේ.

සමාජ ජාල කොයිතරම් දුරට නිවැරදි ද?

සමාජ ජාල වල පවතින ඡන්ද ප්‍රතිඵල 100% ක් නිවැරදි නම් සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජන රැලිවල මේ තරම් ජනතාවක් සිටිය නොහැකියි.

සජිත් ප්‍රේමදාස මහතා ඉතාමත් හැඟීම්බර පොරොන්දු රාශියක් දුප්පත් ජනතාවට ලබාදෙන නිසා මේ වන විටත් දුප්පතුන්ගේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වී හමාරය.

දුප්පතුන්ගේ නායකයාගේ බෞද්ධ පදනම

ඒ වගේම බෞද්ධ පදනමක් පෙන්වීමටද සජිත් ප්‍රේමදාස මහතා සමත් වී ඇති නිසා හංසයා ලකුණට සහය පළකරමින් එකතුවී ඇති ආන්දෝලනයකට ලක් වූ මුස්ලිම් මැති ඇමතිවරුන් ගැන ද මේ වන විට එක්සත් ජාතික පක්ෂ සිංහල ජනතාව මධ්‍යස්ථව කටයුතු කිරීම දක්නට ලැබේ.

පොහොට්ටුව දුර්වල යි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ ඒ අවස්ථාවන් වලදී මනා හැසිරීමකින් යුක්ත ව සංවිධානාත්මක බවකින් යුක්තව ඒ ඒ බුද්ධි මට්ටම් වලට ගැළපෙන ලෙස ඡන්දදායකයින් ආමන්ත්‍රණය නොකිරීම හා විරුද්ධ පක්ෂයෙහි අඩුපාඩු සුදුසු කාලයේ දී ප්‍රයෝජනයට නොගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රසාදය ඉහළ යාමට තවත් එක ප්‍රධාන හේතුවකි.

බොහෝ දෙනෙක් පවසන කාරණාවක් වන්නේ මෙවර රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා නොදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධාවක් බවයි

එසේ පැවසුව ද සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ රැලිවල දී ඉහළ ප්‍රතිචාර ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මත එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයන්ට තිත තැබීමට සුදුසු අපේ නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනගත වී ඇති බැවිනි.

කැපුවත් කොළ චන්ද දායකයෝ

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 50ට වඩා වැඩි සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්, ගමේ භාෂාවෙන් පවසනවා නම් කැපුවත් කොළ යැයි පවසන සාමාජිකයින් ඉතා උද්යෝගයෙන් මේ වනවිට ගම් මට්ටමින් තමා අපේක්ෂකයා ජයග්‍රහණය කරා යොමු කිරීම්ට කටයුතු කරනු දක්නට ලැබෙන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන වෘත්තීයවේදීන් හෝ උගත් බුද්ධිමත් ජනතාව එලෙසින් ගමට ගොස් තම ප්‍රචාරණ කටයුතු සිදු කකිරීම දක්නට නොලැබේ.

විකල්පයටත් අවස්ථාවක්..

අනෙක් අතට ගම්මට්ටමේ දී ලබාදෙන පොරොරොන්දු කෙසේ ක්‍රියාත්මක කරන්නේදැයි ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේදැයි සජිත් ප්‍රේමදාස මහතා කිසි තැනකදී නිවැරදිව පවසන්නේ නැත. ඒ නිසා යම් දේශපාලන බුද්ධියක් ඇති පිරිස් අතර සජිත් ප්‍රේමදාස මහතා ක්‍රමක්‍රමයෙන් ප්‍රතික්ෂේප වීම ද දක්නට ලැබේ. බොහෝවිට එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරන පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා වටාම එකතු වන්නේ යැයි අපට නිගමනය කළ නොහැක. මන්ද මේ වනවිට පුංචි හෝ විශ්වාසයක් තැබිය හැකි විකල්ප බිහිවී ඇති බැවිනි.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ 2014 දී ද මහින්ද රාජපක්ෂ මහතා සිදු කලේ අශ්වයා ගියපසු ස්තාල්ය වැසීම ය. මෙවර ද එම වැරැද්ද සිදු නොකරනවා කියා මධ්‍යස්ථව අවධානය යොමුකරන විට පැවසීම උගහට ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සාර්ථක ජනාධිපතිනියක් ලෙස ඉතිහාස ගත නොවුන ද අතිදක්ෂ සැලසුම් ක්‍රියාත්මක කරවන්නියක් බව 2014 අවසාන මාස කිහිපයේ දී කාටත් වැටහුණි.

ඇය ද රාජපක්ෂ කඳවුර බිම දැමීමට ලංකාවට නැවත පැමිණ ඇති නිසා දේශපාලන කරළියේ බොහෝ දෙනා සිතූ දේ වෙනුවට නොසිතු දේ සිදු වීමට සම්භාවිතාවය ඉතා ඉහළ ය.

LK REPORTS

1 Comment

  1. පොහොට්ටුව අදි තක්සෙරුවකින් ගමන් කරන අතර ජාතිවාදය මගින් සින්හල බහුතර චන්ද වලින් ජයගත හකි බවට මිත්යා විස්වාසයකින් කට යුතු කරයි. ජාතිවාදයට කමති වන්නෙ උගතුන් යයි කියා ගන්නා රටේ දෙපල අවබාවිත කරන තමන්ගේ රාජ කාරිය නොකරන අපතයන් ටික හා නූගත් ජඩ වඩ කරන පිරිස මෙන්ම නූගත් තරුන පිරිස පමනි, හොන්ඳ සාදාරනව ජීවත් වන පිරිස එය පිලිකුල් කරයි එම පිරිස බහුතරයයි. එහෙයින් ගෝටා නියතවශයෙන්ම පරාද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *