නාගානන්ද

නාගානන්ද යළි කරනමක් ගසයි

ඊයේ(16) ඇතිකරගත් එකඟතාවයක් අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනසෙත පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් වෙත
සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අදහසින් මාස ගණනාවක සිට ප්‍රවර්ධන කටයුතුවල යෙදුණ නාගානන්ද කොඩිතුවක්කු අවසන් මොහොතේ තමාට පක්ෂයක් නැතිවූ නිසා තරග කරන්නට බැරිවූ බව දන්වා තිබුණි.
ඔහුගේ එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ ප්‍රතිපත්තියක් වගේම ව්‍යවස්ථාවක් තිබුණු බවත් එම ව්‍යවස්ථාවට තමන්වහන්සේ මුල සිටම කැමතිව සිටි බවත්‍ය. නාගානන්දගේ ව්‍යවස්ථාවයි තම ව්‍යවස්ථාවයි අතර කිසි වෙනසක් නැති බවත් උන්වහන්සේ පැවසූහ. නමුත් ඇතැම් අය එතුමා නොමග යවා ඇති බවත්, එතුමාට අවස්ථාව දෙන්නම් කියා ඒ ගමනට බාධා කළ බවත් සීලරතන හිමියෝ පවසති.

නමුත් එතුමා එදා තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළානම් අද වගේම එතුමට ඒ අවස්ථාව ලබා දෙන බවත් සියලුම ජනතාව අප සමඟ ඒකරාශී වන ලෙසත් සීලරතන හිමියෝ ඉල්ලා සිටිති. “නාගානන්ද මහතාට මේ සියලු මැතිවරණ කටයුතු බාර දෙනවා. මේ සටනෙදි අපි ජයග්‍රහණය කළොත් මෙතුමාගේ ව්‍යවස්ථාව සමඟ අපි ඉදිරියට වැඩ කටයුතු කරනවා” යැයිද උන්වහන්සේ කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *