සංචාරක වීසාද සහිතව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට අවසර ලැබේ

සංචාරක වීසා සහිතව ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින්ට ද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිවී තිබේ.

මේ අතර ඉටිහාඩ් ගුවන් සේවය අද දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

සියලු ගුවන් මගීන් කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම අනිවාර්ය බව ඉටිහාඩ් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *