සංචරණ සීමා ඉවත් කළ පසු ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා වේ

හෙට දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව කාර්යාල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවක් බවත් නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතු බව සඳහන්.

පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වන අතර ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණයි.

සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවන බවත් පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *