ලංකාව සමඟ තරඟ කරන එංගලන්ත සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා සමඟ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නම් කර ඇති මෙම සංචිතයේ නායකත්වය ඔයින් මෝර්ගන් දරණ අතර, ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක George Garton සංචිතය පළමු වරට කැදවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 29 වනදා ඩර්හැම්හී දී පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචිතය පහතින්, Eoin Morgan (C), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, George Garton, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood

Leave a Reply

Your email address will not be published. Required fields are marked *