ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයෙන් මන්ත්‍රීවරුන් 40 කට වඩා වැඩි පිරිසක් ඉවතට…

අද සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට අධික පිරිසක් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ආණ්ඩුවේ පක්ෂ 11ක මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ද අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරුන් සිය තීරණ ප්‍රකාශ කළා.

අද දින සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) අද පෙරවරුවේ මාධ්‍ය වෙත දැනුම් දුන්නා.

ආසන 113කින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙළිකර ඇති අවස්ථාවක ස්වාධීනව කටයුතු කිරීමට මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

රටේ ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රට පුරා මහජනතාව සාමකාමී විරෝධතාවල නිරතව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *