ශ්‍රී ලංකා පිතිකරුවන් පුහුණුකරුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි.

මේ වනවිට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල එකට ගැවසී ඇති බවද වාර්තා වේ.

ඔවුන් නැවත මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන් මේ වනවිට කොළඹ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන්ට නැවත දැනුම්දෙනතුරු සිය කාමරවලින් පිටතට නොයන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

නමුත් එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින තරඟාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *