ශ්‍රී ලංකා – කොදෙව් තරග කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 යි 20 තරග 03 කට, එක්දින තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහභාගිවීමට නියමිතයි.

ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත බුබුලක් තුළ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු 20යි 20 තරගය මාර්තු මස 03 වනදා පැවැත්වේ. එමෙන්ම දෙවැනි තරගය මාර්තු 05 වැනිදාත්, තුන්වැනි තරගය මාර්තු 07 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය මාර්තු 12 වැනිදාත්, තුන්වන එක්දින තරගය මාර්තු 14 වැනිදාත් පැවැත්වේ.

එමෙන්ම දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 21 වැනිදාත්, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 29 වැනිදා ආරම්භ වනවා. ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතයි.

මෙම සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වැනිදා දිවයින්නෙන් පිටත්ව යාමට නියමිතව තිබුණත් ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. ඒ ක්‍රිකට් තේරීම් කමිටුව මෙතෙක් නම් කර නොතිබීම හේතුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *