ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර නව බදු ගිවිසුම්…

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආදායම මත ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සහ නිලධාරි මට්ටමින් බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ගිවිසුම අත්සන් කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75 (3) වගන්තියට අනුව අදාළ ගිවිසුම අත්සන් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය එකඟ වී ඇති අතර එම ගිවිසුම අවසන් කර ඇති බව නීතිපතිවරයා තහවුරු කර ඇති බව රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව එම ගිවිසුමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අත්සන් තැබීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75 (1) වගන්තියේ විධිවිධාන අනුව එකී ගිවිසුමේ අනුමැතිය සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *