ශ්‍රී ලංකාව ලකුණු 328කින් බංග්ලාදේශ පිල පරදවයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව සිලාත්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24) ක්‍රීඩා අවසන් කරන විට ලකුණු 47කට කඩුලු 5ක් බිඳවැටී අසීරු තත්වයක සිටි බංග්ලාදේශ පිල අද දිවා විවේකයෙන් පසුව ලකුණු 182 කට සීමාවිය.

වේග පන්දු යවන කසුන් රාජිත දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280

බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 188

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 110.4 කදී සියලු දෙනා දැවී 418

බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 182

(ශකීර් හසන් 19, මොමිනුල් හක් නොදැවී 87, මෙහෙදි හසන් මිරාෂ් 33, විශ්ව ප්‍රනාන්දු 36/3, කසුන් රාජිත 56/5, ළහිරු කුමාර 39/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *