ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් රැස්කරමින් ජයග්‍රහණය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් රැස්කළේය.

මිචෙල් මාෂ් පන්දු 51කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් රැස්කළේය.

Marnus Labuschagne ලකුණු 40ක් රැස්කරගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළා සටහන නිරත වූ ඩිල්ශාන් මදුශංක පන්දුවාර 9කදී නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 38කට කඩුලු 3ක් දවාගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කර ගත්තේය.

එහිදී පැතුම් නිස්සංක පන්දු 67කදී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කරගත්තේය.

පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

එහිදී Adam Zampa අගනා පන්දු යැවීමක නිරතවෙමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 47කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

Pat Cummins සහ Mitchell Starc කඩුලු 2 බැගින් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *