‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘

ශ්‍රී පාද කන්දේ කොටසක් නාය ගොස් ඇතැයි සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ජායාරූපයක් ගැන නිවේදනය ක් නිකුත් කරන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කරන්නේ එය නායයාමක් නොවනබව යැයි පොලීසිය පැවසීය .

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන  යටතේ සිරිපා මලුවේ කසළ බැහැර කරන ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වලින් පසුව ඇතිවූ වර්ෂාවෙන් එම ප්‍රදේශය සේදී දිස්වන අයුරු මිස නායමක් නොවන බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිගේ දැනුම්දීම උපුටා දක්වමින් පොලීසිය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

මෙම ජෑයාරූපය 30දා පෙරවරුවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය විය. එළඹෙන 04දා යෙදෙන උදුවප් පුරපොහොය දිනයෙන් 2025/26 සිරිපා වන්දනාවාරය ආරම්භ වීමට නියමිතය.‍

සමාජ මාධ්‍යයේ පළ වු ජායාරූපය AI නිර්මාණය ක් යැයිද අදහස් පළවිය. දරණු නායයාමක් බවට ද පෝස්ට් පළවිය . එසේ තිබියදී  පොලීසිය ශ්‍රී පාද නාහිමිගේ පණිවිඩය නිවේදනයක් ලෙස නිකුත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *