වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කළහ.

ඔවුන් ඒ සදහා ඉන්දියාව , චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30 කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද , අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණි .

එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණි.

වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම  සාර්ක් රටවල සංචාරකයන්ගෙන්  වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද අය කිරීම සිදු කර තිබේ.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු ( Service Charge ) සහ පහසුකම් සැළසීමේ ගාස්තු ( Convenience Charge ) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබේ.

ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 ක් බවට පත් වී ඇති අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් පැවසීය.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් හිමි වන බැව් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *