එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී යුද්ධයෙන් පසු උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව සහ යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ජනතාවගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් සහ පරිසර තත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණ.

එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය යාපනය මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්දතිය පිළිබඳ සොයාබැලීම සහ එහි කඩොලාන බෝකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකද නිරත වූහ. එරික් සෝල්හයිම් මහතා විසින් නැවත පදිංචිකළ ජනතාවගේ ඉඩම් සංවර්ධනය , පරිසර සහ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සොයාබැලිමද සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *