ගම්පහට මී උණ අවදානමක්

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ  ගම්  15 ක  මී උණ රෝගය වැළඳීමේ  අධි අවදානම් ස්ථාන 65ක්  නම් කිරීමට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන තිබේ  .

මේ වන විට එම හඳුනාගත්  ප්‍රදේශ තුළ මීඋණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවිකිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි එම කාර්යාලය පවසයි  .

මාදෙල්ගමුව, නැදගමුව, පත්තඩුවන, නිල්පනාගොඩ ,හොරම් පැල්ල, උඩුගම්පොළ, මැදගම්පිටිය දෙවොල පොළ, වෑගොව්ව, මාරපොළ , යටියන, කොරස , වීදියවත්ත , අස්ගිරිය ,ගල්ඔළුව, එම ප්‍රදේශ   අධිඅවදානම් ගම් ලෙස නම් කර ඇත.

මෙම අධි අවදානම් ප්‍රදේශ ඇතුළින් ඉකුත් වසරේදී මී උණ රෝගීන්  විශාල ලෙස වාර්තා වූ බවත්  මෙම වසරේ පළමු මාස 04 කාලය තුළදී පමණක් මී උන රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු සහ මරණ  02 ක් වාර්තා වී ඇතැයිද  එම කාර්යාලය පෙන්වා දෙයි  .

මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු යාගොඩ මුල්ල සිට හීනටියන  දක්වා පුරන් කුඹුරු යායක් මැදින් පයින් ගමන් කළ අයකු බව පවසන සෞඛ්‍ය නිලධාරීන් අනෙක් පුද්ගලයා  අස්ගිරි වල්පොල ප්‍රදේශයේදී අත්තනගලු ඔයේ අතු ශාඛාවක් දෙපස  දර කැඩීමට ගිය අයෙකු බවද  කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *