විමල් දුකින්

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික  හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය  කඩදාසි කම්හල  විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි නමුත් ඊට ආරාධනා ලැබුණේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැසී ගොස් තිබූ ඇඹිලිපිටිය  කඩදාසි කම්හල යළි ඇරඹීම සඳහා වන ගිවිසුම්ද අත්සන් කළේ තමා කර්මාන්ත ඇමති ලෙස බව කී විමල් වීරවංශ මහතා සබරගමු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන අයුරු දුටු බවද සඳහන් කළේය.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී  පැවසූයේ විමල් වීරවංශ මහතා මේ සඳහා බොහෝ උදව් උපකාර කර ඇති හෙයින් ඔහුට ආරාධනා කළා නම් ඉතා හොඳ බවයි.

අදාල උත්සවයේ සංවිධාන කටයුතු සහ ආරාධනා කිරීම් කළේ අදාළ ව්‍යවසායකයා බවත් ඊට  කර්මාන්ත අමාත්‍යාංශයේ  කිසිම සම්බන්ධයක් නැති බවත් රමෙිෂ් පතිරණ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *