Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විගණකාධිපතිනිය රහස්‍යභාවයේ දිවුරුම දෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ(5) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම දුන්නාය.

මෙරට 42 වැනි විගණකාධිපති වන  ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාවයි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ අදහස