වැලිගම සභාපති ඝාතනයට තුනක් අල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සභාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් කැකිරාව  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූණි.

අතර මඟ දී යතුරු පැදිය මාරු කර වෙඩික්කතු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.

ඒ අනුව දකුණු පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *