වැලිකඩින් හමුවූ දෙවැනි ආසාදිතයා බන්ධනාගාර රෝහලේ බාබර්වරයෙක්

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොවිඩ් ආසාධිත දෙවැනි රැඳවියා බන්ධනාගාර රෝහල තුළ කොණ්ඩය කැපීමට යොදවා සිටි බාබර් පාටියේ අයෙකු බවට වාර්තා වේ. මෙම රැඳවියාද කන්දකාඩු සිට රැගෙනවිත් තිබූ රැඳවියන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි බවත් අනතුරුව බන්ධනාගාර රෝහලේ වාට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරී සිදුකර ඇති බවටත් වාර්තා වේ.

අදාළ රැඳවියා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙන අතර මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙදෙනක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *