වනිඳු අවිනිශ්චිතයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  සඳහා වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.

එල්. පී. එල් තරගාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියටද එක්වීමට අවස්ථාව හිමි වූයේ නැත.

පසුව පුහුණුවීම් ඇරඹී වනිඳු හසරංග යළිත් ආබාධයකට ලක්වුණි.

වෛද්‍ය වාර්තා අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද (25) දිනයේ නිල වශයෙන් නම් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල ලබන 26 වනදා රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *