වනජීවී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුදහමුදා මේජර් ජනරාල් වරයා අත්අඩංගුවට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන සිදුවීමකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණ භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අද උදෑසන හබරණ පොලීසියට භාර වූ ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම හබරණ පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *