වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රධාන පණිවිඩ තුනක්…

ජනපති අනුරාධපුරයේදී කළ ප්‍රධාන ප්‍රකාශ තුනක්

  • 2022 වසරේ ආර්ථිකයේ වර්ධන වේගය -11% කි. එය මේ වසරේ -3.5 හෝ -4.0% විය හැකිය. නමුත් 2024 සිට අපි මේ ආර්ථිකය ධනාත්මක වර්ධනයක් කරා ගෙන යනවා. අනුරාධපුර යුගයේ වගේ කාටවත් නොනැමෙන ණය බරින් තොර ශක්තිමත් රටක් අපි හදනවා.
  • රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික හා කෘෂිකාර්මික වැඩසටහන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රටවල් සමඟ ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කිසියම් අයුරකින් කඩාකප්පල් කළහොත් පසුගිය වසරේ මැයි සහ ජුනි මාසයට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම කිසිවකුටත් වැළැක්විය නොහැක. , ජනාධිපතිවරයා අනුරාධපුරයේදී පැවසීය
  • 2019 දී ආදායම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොනු මිලියන 1.6 ක් පමණ පැවතුනි. නමුත් 2020 දී ලබා දුන් බදු සහන හේතුවෙන් 2021 දෙසැම්බර් වන විට මේවා ලක්ෂ 4 දක්වා අඩු විය.මේ හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීම රටේ ආර්ථික අර්බුදයට මූලික හේතුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *