වත්තල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනෙකු ජීවිතක්ෂයට

වත්තල, හැඳල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දියනෑමට ගිය එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් සහ 14 හැවිරිදි දරුවෙකු ඊයේ (20) සවස දියේ ගිලී මියගොස් ඇත.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන්නේ මෙම පිරිසෙන් එක් කාන්තාවක් දැනට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම කාන්තාවන් සිවුදෙනා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් බවත් 14 හැවිරිදි පිරිමි දරුවා කදාන කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි ඥාතිපවුලක දරුවෙකු බවත් තොරතුරු වාර්තා වී ඇත.

පිරිසක් දියේ ගිලී ඇති බවට තොරතුරු ලත් සැනින් එහි ළඟා වූ නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම පස්දෙනා ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වූ කාන්තාවන් වයස අවුරුදු 16/20/30 වයසේ පසුවන අය වේ. වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *