නාවික හමුදාවෙන් කොවිඩ් ආසාදිතයින් දින තුනකින් වාර්තා වී නැහැ

ගත වූ දින 3 ක කාලයක් තුළ කිසිදු නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගෙන නොමැති බවත්, අද (21) පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවටත් නාවික හමුදාව ප්‍රකාශ කර සිටී.

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 901ක් වන අතර ඉන් සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 773ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, දැනට ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 128ක් දක්වා අඩු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *