’’වත්කම් වාර්තා දෙද්දි මගේ අතින් වරදක් සිද්ධ වුණා’’

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ බව පිළිගන්නේ යැයි  අධිකරණ අමාත්‍ය නීතිඥ  හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත්   ඔහු සඳහන් කළේය.

තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා  අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයෙකු බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.

වත්කම් බැරකම්  පුරවන ලේඛනය  සංකීර්ණ එකක් බවත් තොරතුරු  පිරවීමේදී ඕනෑ කෙනෙකුට  වරදින බවත්  නානායක්කාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *