උද්ධමනය ඉහළ යයි

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාස සියයට 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

මෙරට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 1.5ක් ලෙස වාර්තා වූ බව ද එම දෙපාර්තමේන්තුව කීය.

අගෝස්තු මාසයේ සියට 2.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියටය 3.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මාසයේ සියට 0.4ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 0.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *