“මාරවිල රෝහ‍ලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා” – මන්ත්‍රී හෙක්ටර්

මාරවිල රෝහලේදී  මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රෝහලේ දේහයන් කපන ආයුධ කට්ටලය පැරණි වීම ඊට හේතුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මාරවිල රෝහලේ මෝචරිය ගිලා බැහැලා.වැඩ කරන්නේ මෝචරියේ එක අධි ශීතකරණයයි. ඒ නිසා දේහයන් නරක් වෙන තත්ත්වය වැඩිවෙලා. අවට රෝහල් වලට දේහයන් යවන්න සිදු වෙලා.දේහයන් කැපීමට භාවිත කරන ආයුධ කට්ටලය පරණ වෙලා.මේවා අවුරුදු හයකට වඩා පරණයි.මේ නිසා මිනිස්සු දෙපාරක් මැරෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *