’’ලෝයර්’’ ’’ඩොක්ටර්’’ ස්ටිකර් තහනම්

රථ වාහනවල ඉදිරිපස වීදුරුවල නීතිඥවරුන් වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන්, පාසල් හෝ විශ්ව විද්‍යාල   හැඟවීමට විවිධ ලොකු කුඩා ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි

රථ වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීමට  අවසර ඇත්තේ  ආදායම් බලපත්‍රය  පමණක් බවද  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම අභ්‍යන්තරයට හිරු එළිය වැළැක්වීම සඳහා  ඉදිරිපස වීදුරුවේ ඉහළ  පහෙන් එකක කොටසක්  අඳුරු කිරීමටද  අවසර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *