ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ප්‍රධානියා ලෙස විජිත හේරත් පත්වෙයි.

LITRO Gas Lanka Limited හි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද වැඩ භාර ගත්තේය.

රටේ පවතින ගෑස් හිඟයට විසඳුමක් ලබාදීමට තමන් මෙය අවස්ථාවක් කරගත් බවයි ඔහු ඩේලි මිරර් වෙත කියා සිටියේ.

ඉදිරි මාසය තුළ මෙම ගැටලුව යම් ප්‍රමාණයකට විසඳා ඉදිරි මාසය තුළ එය යථා තත්ත්වයට පත් කිරීමට අදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

හේරත් නිලයට පත්වීමට පෙර 2019 සිට 2021 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *