කොස්ගොඩදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

කොස්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

කොස්ගොඩ දෙල්ගහ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක තිබී තරුණයාගේ මළ සිරුර හමුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *