ලසන්ත ඝාතනයට අනුබල දුන් තුනක් රිමාන්ඩ්

වැලිගම ප්‍රාදේශිය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු අනිද්දා දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා  නියෝග කළේය.

එසේ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රී රෝද රථ රියදුරකු,වැලිගම වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවකු හා අපරාධයට යොදා ගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙකි.

මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ත්‍රී රෝද රථ රියදුරු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ද මෙම ඝාතනයට යොදා ගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින්ද ඉකුත් 26 වැනිදා සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *