ලංකා චීන වරායේ ක්‍රියාකාරකම් ගැන ඉන්දීය නාවික ප්‍රධානියෙකුගෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවට තර්ජනයක් විය හැකි බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානියෙකු වන වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් පවසා තිබේ.

චීනය විසින් ශ්‍රී ලංකාවේ නව වරාය ව්‍යාපෘති ලබාගැනීම සම්බන්ධයෙන් එරට පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉන්දියාව විමසිල්ලෙන් පසුවන බව ඔහු සඳහන් කර ඇත.

කෙසේවෙතත් මුහුදු සීමා සුරක්ෂිත කිරීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගෙන ඇති බැවින් කිසිදු පාර්ශ්වයකට මැදිහත්වීම් සිදුකළ නොහැකි බව වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් වැඩිදුරත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *