මවක් සහ දරුවෙකු පිලිස්සී මිය යයි

විදුලි කාන්දුවක් හේතුවෙන් පැලට ගිනි ඇවිළී සිදුවූ අනතුරකින් මවක් සහ පුතෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පොළොන්නරුව හබරණ කිතුල්උතුව ප්‍රදේශයේ වගාවක පැල් රකිමින් සිටියදීය.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි මව සහ ඇයගේ 13 හැවිරිදි දරුවාය.

නිවසේ සිට පැලට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකින් ගින්න ඇතිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *