Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලංකා – ඉන්දීය ක්‍රිකට් සටනට බාධාවක්: ක්‍රීඩාංගණය වෙනස්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹෙන දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රථම එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය නවදිල්ලි නුවර සිට විශාකාපට්නම් (Visakhapatnam) දක්වා මාරු කර තිබේ.

දිල්ලි ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඇතිවිය හැකි අයහපත් කාලගුණික බාධාවන් සහ ක්‍රීඩාංගණයේ සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සැලකිල්ලට ගනිමින්, දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය (DDCA) කළ ඉල්ලීමකට අනුව මෙම ස්ථාන මාරුව සිදුකර ඇත.

මෙම තරගය මුලින් නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දිල්ලි නුවරදී පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරගය වීමට නියමිතව තිබිණි.

තරග 6ක සීමිත පන්දුවාර තරගාවලියක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ තරග හයකින් (06) සමන්විත සීමිත පන්දුවාර තරගාවලියක් සඳහාය. ඊට ජාත්‍යන්තර එක්දින තරග තුනක් සහ විස්සයි20 (T20I) තරග තුනක් ඇතුළත් වේ.

ක්‍රීඩාංගණය විශාකාපට්නම් දක්වා මාරු වුවද, තරගය පැවැත්වීමට නියමිත දෙසැම්බර් 13 වැනි දින වකවානුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බලධාරීහු තහවුරු කරති.

ඔබේ අදහස