රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත් වෙති

රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ(18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන් සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රේගු නිලධාරීන් අද පෙරවරුවේ සාමාන්‍ය සේවා ආරම්භ කළ බවත් පස්වරු  4.45 ට වැඩ අවසන් කරන බවත් එම නිලධාරීයා සඳහන් කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නමින් මහජන බැංකුවේ ඇති රේගුවේ සියලු සේවකයන්ට අතිකාල, දිරිදීමනා සහ ත්‍යාග දීමනා ගෙවන ගිණුම මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යංශයට එම ගිණුම පවරා ගැනීමෙන් පසුව එම ගිණුම හරහා වන බොහෝ ගෙවීම් අත්හිටුවීමට හෝ ප්‍රමාදවීම වැලැක්විය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *