රාජිතට පී.සී.ආර්. පරීක්ෂණයක්

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සදහා අද (27) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වසරේ ජනාධිපතිවරණ සමයේ දී පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ ඔහු මීගමුව පල්ලන්චේන විශෝධන මධ්‍යස්ථානයේ ඇති විශේෂ රෝහලේ රඳවා සිටින්නේ ඉකුත් 13 වැනිදා සිටයි. අද (27)වන විට රාජිත අමාත්‍යවරයා එම මධ්‍යස්ථානයේ රඳවා සිටි කාලය දින 14ක් බැවින් ඔහුට කොරෝනා ආසාදනය වී ඇත්දැයි බැලීමට මෙම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *