නියෝමාල් රංගජීව මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලයි

අලුත්කඩේ උසාවි භූමිය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (10) ඇතිවූ සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා ඇති බවට වාර්තා වේ.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ පළමු විත්තිකරුවා වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තමන්ට අමානුෂික ලෙස සැළකු බවට චෝදනා කරමින් මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා ඊයේ පොලීසියට පැමිණිලි කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *