රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද තරග බිමේ

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන තරගය ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතය.

ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගනිමින් රන් පදක්කම සඳහා වු අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණි.

අද පැවැත්වෙන තරගයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම හිමිවන අතර පරාජය වුවහොත් තරග ඉසව්වේ රිදී පදක්කම හිමි වේ.

ඒ අනුව 2014 වසරට පසුව එනම් වසර 9කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *