රටේ සියලු ජනතාව කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.
ජර්මනියේ ක්‍රියාත්මක කරනු ලබන කුඩා කණ්ඩයාම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරටදීත් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව පී.සී.ආර්. යන්ත්‍ර 50ක් ඇති බවත් කමිටු ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් අමල් හර්ෂද සිල්වා පැවසීය.
මෙම යන්ත්‍ර මගින් මේ වන විට දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 250ක් පමණ සිදු කරයි.