රටට අවශ්‍ය සියළුම කාබනික පොහොර මෙරටදී නිෂ්පාදනය කිරීමට සැරසේ

රටට අවශ්‍ය සියලු කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස් ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා ක්‍ෂේත්‍රයේ විද්වතුන් සමග මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී මෙරට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබාදීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා  සදහහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *