රජයේ සේවකයන්ට නිවේදනයක්

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන රජයේ ආයතනවල නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ සතියකට උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

එම කැදවීම සිදුකළ යුත්තේ ද අදාළ නිලධාරීයාට අයත් රාජකාරිය නිවසේ සිට සිදුකිරීමට නොහැකි අවස්ථාවල පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන්කර ඇති බැවින්, සේවා ස්ථානයට කැඳවන සේවකයින් සඳහා නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙයි.

පෞද්ගලික අංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්යය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යායුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරිමට උනන්දු කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *