ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය තවත් ප්‍රදේශයකින්?


මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, මෙවැනි තත්ත්වයක් වාර්තා වන සෑම අවස්ථාවක දීම අදාළ පියවර ගැනීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරමින් සිටින බවය.

එවැනි ආසාදිතයෙක් හමුවු බවට වාර්තා වන්නේ නම් අදාළ පළාත්වල සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවද වෛද්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *