LK reports news sinhala

යළි එජාපය ආවොත් දේශපාලනයෙන් විශ්‍රාම යන බව මුසම්මිල් කියයි

නැවතත් එක්සත් ජාතික පක්ෂය බලයට ආවහොත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතා පවසයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා යනු වෙනසක් සිදු කර පෙන්වු නායකයෙකු බවද ඔහු කියා සිටියේ අද(17) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට කොළඹ නගර සභාවේ පාරවල් ටිකවත් හදා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරමින් ත්‍රස්තවාදීන්ට අනුබල දුන් බවට චෝදනා එල්ලවූ බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ ඉවත්වීමෙන් පසු මුසම්මිල් මහතා බස්නාහිර පළාතේ ආණ්ඩුකාර තනතුරට පත්කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *