යහපාලන සමයේ නොගෙවූ බිල්පත් වටිනාකම කෝටි 24,000ක් – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

ඉකුත් යහපාලන ආණ්ඩුව කාල සීමාවේ ඇරඹි ව්‍යාපෘති වල නොගෙවූ බිල්පත් වටිනාකම 2020 වර්ෂය ආරම්භ වන විට රුපියල් කෝටි 24,300ක් වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රකාශ කළේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට“ ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට අරලියගහ මන්දිරයේදී ඊයේ (07) පැවැති උත්සවයකට එක්වෙමිනි.

ඒ මහතා පවසා සිටියේ ගම් පෙරළිය, ළඟම පාසල හොඳම පාසල, සපිරි ගමක් වැනි ව්‍යාපෘතිවලට අදාළව මෙම හිඟ බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බවත්, මින් පෙර කිසිදු වර්ෂයක් ආරම්භයේදී මෙසේ හිඟ මුදල් ගෙවීමට ඉතුරුව නොතිබූ බවත්ය.

දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පමණක් තිබූ රුපියල් කෝටි 6,000කට ආසන්න හිඟ බිල්පත් 2020 වර්ෂයේදී ගෙවා අවසන් කළ බවත් ආටිගල මහතා අනාවරණය කළේය.

එමෙන්ම සම්පූර්ණ නොවූ ව්‍යාපෘතිවල මුදල් පමණක් මේ වන විට ගෙවීමට ඉතිරිව ඇති අතර අනෙකුත් සියලු ව්‍යාපෘතිවලට 2020 වර්ෂය අවසන් වීමට පෙර මුදල් ගෙවා නිම කළ බවත් ආටිගල මහතා පැවසීය.

ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ ව්‍යාපෘති නිම කොට බිල්පත් ඉදිරිපත් කරන සියලු දෙනාට ජනවාරි මාසය අවසන් වීමට පෙර මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *