මෙරට හෙරොයින් සහ ගංජා භාවිතා කරන පුද්ගලයින් පිළිබඳව අනාවරණයක්

මෙරට තුළ හෙරොයින් සහ ගංජා භාවිත කරන පුද්ගලයින් ලක්ෂ හතරහමාරකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන්  වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට එම මණ්ඩලය පියවර ගෙන තිබේ.

“නිවැරදි තොරතුරු හුවමාරු කරගන්න – ජීවිතය සුරකින්න” යන්න මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ තේමාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *