එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් රකුසා බිලිගනී

කොවිඩ් ආසාදනයෙන් එකම පවුලේ තිදෙනෙකු මියගිය සංවේදී පුවතක් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයෙන් වාර්තා විය.

මියගොස් ඇත්තේ එම පවුලේ 72 හැවිරිදි පියා , 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයායි.

කොවිඩ් ආසාදනයත් සමග මොවුන් තිදෙනාටම අවස්ථා කිහිපයකදී ශ්වසන අපහසුතා හටගෙන තිබේ.

ඔවුන් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මීට අමතරව එම පවුලේ සෙසු සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *