මෙම වසරේ සිට ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් ගමන් බලපත්‍ර…

මේ වසරේ සිට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

නව විදේශ ගමන් බලපත්‍රයට ජීව දත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිපයක්) එක් කරන බවත්, මෙම ක්‍රමය ලොව බොහෝ රටවල් භාවිත කරන බවත් ඔහු සඳහන් කළ බව මව්බිම පුවත්පත වාර්තා කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ලිහිල් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය සහ දැනට පවතින ප්‍රධාන ශාඛා 4 හැර දිවයින පුරා ශාඛා 54ක් ස්ථාපිත කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *