මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා ආයතනයෙන් කොවිඩ් වෛද්‍ය ආධාර

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දින අරලියගහ මන්දිරයේ දී භාරදී තිබේ.

වැඩිහිටියන් සහ ළමයින් සඳහා භාවිතා කළ හැකි වෙන්ටිලේටර් (Ventilators) 3ක්, ඔක්සිජන් චිකිත්සක (Oxygen therapy) උපකරණ 4ක්, පී.පී.ඊ (PPE) කට්ටල 3,000ක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ඊට අයත්ය.

මෙම ව්‍යාපෘතිය අමෙරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකෙයාස් (Americares-USA) සහ එක්සත් රාජධානියේ මුස්ලිම් ආධාර මූලස්ථානය (Muslim Aid’s Head Quarters-UK) සහයෝගීතාවය අනුව ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *